සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ කොටස් නාමල්ටත්!

Spread the love

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය (මාලඹේ හොර උපාධි කඩය) ආරම්භ කිරීමේදී නෙවිල් ප්‍රනාන්දු සහ සමීර සේනානායක යන අය සමග සමීප අවබෝධයෙන් ක්‍රියා කර ඇත්තේ නාමල් රාජපක්ෂ බවත් ඒ තුළින් මෙය ආරම්භ කිරීමට රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක ණය මුදලක් ඇප රහිතව ලබාදී තිබෙන බවත් තොරතුරු හෙළි වෙමින් තිබේ.

හොර වෛද්‍ය උපාධි කඩයේ පරිපාලන අධ්‍යක්ෂ බව කියන සමීර සේනානායක නැමැත්තාට වෙඩි තැබුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලදී අමතර කරුණක් වශයෙන් එම දේශපාලන සම්බන්ධතාව සහ ඇප රහිත ණය ලබාදීම පිළිබඳ තොරතුරු හෙළි වෙමින් තිබේ.

වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කරමින් සිටියදී සමීර සේනානායක නැමැත්තා හොර රහසේම රුසියාවට පළාගොස් ඇති බව හෙළි වී ඇත. වෙඩි තැබීම කරන ලද්දේ යැයි කියන අවස්ථාවේදී සමීර සේනානායක ඇඳගෙන සිටි ඇඳුම් රසපරීක්ෂකවරයාට යොමු කිරිමත් සමග මොහු රටින් පළා ගියේය.

මොටර් රථයේ වීදුරු කැබිලි ඇඳුම්වල තිබිය යුතු බවත් ඒවා මඟින් ඉතා වැදගත් තොරතුරු අනාවරණයකර ගැනීමට හැකි වනු අති බවත් පරීක්ෂණ පවත්වන කණ්ඩායම් සැක හැර විශ්වාස කරයි. මේ අතර වෙඩි වැදී තිබෙන ස්වභාවය අනුව පොලිසිය විසින් ආකෘතියක් (ඩමියක්) යොදා කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ රියදුරු අසුනේ සිටි බව කියන සමීර සේනානායකට තියත වශයෙන්ම වෙඩි වැදිය යුතු බවය.

මේ අතර සමීර සේනානායකට ඩෙි තැබීමේ සිද්ධිය ගැන ප්‍රවෘත්තිය පළ වීමට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් තොරුතුරු හෙළි කරමින් කියා සිටිනු ලැබුවේ මොහු වෛද්‍යවරයෙකු ලෙස විභාග සමත්ව ලියාපදිංචි වී නොමැති බවය.

-ලංකා-

RSL

Related Posts