නාමල් සැප ගන්න රට පනිද්දී, සහචරයින් හිරේ තපියි

Spread the love

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතා පෙළපාලියක්‌ පැවැත්වීම ඇතුළු චෝදනා කීපයක්‌ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ඩී. වී. චානක සහ සම්පත් අතුකෝරළ මහත්වරුන්ට ඇප නියම කරනු ලැබුවේ ඔවුන්ට රුසියාවේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගිවීමට යැමට අවශ්‍ය බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහෙස්‌ත්‍රාත්වරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඔවුන්ට නොපමාව ඇප ලැබිණ.

එහෙත් නාමල් වෙනුවෙන් පැමිණි ඔහුගේ සහචරයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, හිටපු යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඇතුළු 32 දෙනකු ලබන 30 වැනිදා දක්‌වා නැවත රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.

එහි සිටි නීතිඥයින් නාමල්ට ඇප ලබාගැනීම වෙනුවෙන් දැක්වූ උනන්දුව ඔහුගේ සහචරයින් වෙනුවෙන් ඇප ලබාගැනීමට නොදැක්වූ බව නාමල් වෙනුවෙන් හිරේ තපින අයවලුන්ගේ ඥාතීන් චෝදනා කරති.

මෙය එදා සිට අදත්, හෙටත් ක්‍රියාත්මක වන රාජපක්ෂලාගේ කොන්ඩම් තියරියට හොඳම උදාහරණයකි.

RSL

Related Posts