නාමල්ගෙන් ප්‍රශ්න කළේ කෝටි 7ක කොමිස් කතාවක්!
- RSL
- March 18, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports, Sri Lanka Law
- 0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඊයේ (17) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරනු ලැබුවේ, කෝටි 7ක කොමිස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි.
ලොව ප්‍රකට ඉන්දියානු සමාගමක් විසින් කොළඹ කොටුවේ ඉදිකරන සුපිරි හෝටලයක් සඳහා ලබා දී ඇත්තේ රජයේ ඉඩමකි. මේ ඉඩම ලබා දීමේ දී එවක රජයේ විවිධ පාර්ශ්වයන් විසින් මෙම සමාගමෙන් අල්ලස් ලබා ගෙන ඇතැයි වාර්තා වෙයි. මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 700ක් පමණ මුදලක් ලබාගෙන ඇති බවට වන තොරතුරුවලට අදාළව යි ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ.
මේ සම්බන්ධයෙන් අදාළ ඉන්දියානු සමාගමේ බලාධාරින්ගෙන් ද නුදුරේ ප්‍රශ්න කිරීමට නියමිත බැවින් මේ සම්බන්ධයෙන් සත්‍ය ඉක්මනින් හෙළිදරවු වනු ඇති.
