ආපදා තත්වයෙන් සිදු වූ මරණ තවත් ඉහළට; 85,000කට වඩා අවතැන් (Video)
- RSL
- May 23, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ද 10 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු මෙලෙස ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.
පවුල් 7526 කට අයත් පුද්ගලයින් 27,621 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන 194 ක රඳවා සිටින බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 24,625 ක් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 22,673 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12,760 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7482 දෙනෙකු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ගංඟාවල ජල මට්ටම පහල බසිමින් පැවතුණද වැසි තත්ත්වයේ වර්ධනයක් පැවතුණහොත් අවදානම යළි ඇතිවනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේය.

