ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට්රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට ඊයේ(22) දැනුම් දුන්නේය.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය යැයි දැනුම් දුන් අසිත ඇන්තනි මහතා දුරකථන ඇමතුම් වලට අදාළ විස්තර වලින් කොටසක් ලබාගෙන තිබේ.
එසේම කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකා වලට අදාළ ලේඛන කිසිවක් ඉඩම් අමාත්‍යංශයේ නොමැති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට අල්ලස් කොමිසම දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රජයේ කාර්යාල වල ඇති ලිපි ලේඛන ඉල්ලූ අවස්ථාවේ දී ඉඩම් අමාත්‍යංශය මේ බව දැනුම් දුන් බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් සොයා බලා අදාළ ලේඛන ලබාදීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යංශය දැනුම් දුන් බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
-ලංකාදීප-