නීතිය හා සාමය අමාත්‍යංශය පවරා ගන්නා ලෙසට සියලු පක්ෂවලින් ජනපති වෙත ඉල්ලීමක්!
- RSL
- December 11, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- President Maithripala Sirisena, Sagala Rathnayake
- 0 Comments
පළාත් පාලන මැතිවරණයට පෙර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
රාජපක්ෂ රෙජීම පාලනයේ දී සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සාගල රත්නායක මහතාට දිගින් දිගටම එල්ලවු චෝදනා එම අමාත්‍යාංශය පවරා ගන්නා ලෙසට දෙපාර්ශවයේම ඉල්ලා සිටිමට මුලික හේතුව බවට පත්ව තිබේ.
මැතිවරණ සමයේ පොලිසිය මෙහෙයවිම නිවැරදිම සිදුකිරිමට වත්මන් අමාත්‍යවරයා අසමත් වනු ඇති බවත් ඊට ප්‍රධානම හේතුව සාගල අමාත්‍යවරයා සමග විවිධ කණ්ඩායම් පවත්වාගෙන සමීප සබඳතාවයන් බවද ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි තිබේ.
මිට අමතරව පොලිසිය සහ FCID වැනි ආයතන ප්‍රධානින්ගේන්ද ජනපතිට මෙම යෝජනාවම යොමුව ඇතිව අතර අපක්ෂපාතීව හා ස්වාධීනව විමර්ශන කර ගෙන යෑමට එල්ල වන බලපෑම ඊට හේතු වී ඇති බවත් සඳහන්.

