අතීතයට දොස් පවරා වැඩක් නැහැ; ඉදිරි දින කිහිපය තුල මම මේ අභියෝගයට ස්ථිර විසඳුමක් ලබාදෙනවා – රවී
- RSL
- March 26, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- CEB, power cut, Ravi Karunanayake
- 0 Comments
පවතින විදුලි කප්පාදුවට ස්ථිරසාර විසඳුමක් අප්‍රේල් මස දහ වැනි දින වන විට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අද(26) කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක,
“විදුලිබල මණ්ඩලයෙන් මේ වනවිට විදුලි කප්පාදුව පිළිබදව නිවේදන නිකුත් කරලා තිබෙනවා. 29 දා මම පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිළි පිළිතුරු ලබාදෙනවා.
අප්‍රේල් මාසේ මැද වෙද්දි මේ ප්‍රශ්නය නිරාකරණය කරලා ස්ථිරසාර විසදුම් ලබාදෙනවා. 2014 වර්ෂයේ සිට කිසිදු ජනනය කිරීමක් සිදුවෙලා නැහැ. විදුලි ඉල්ලුම 7% – 8% ප්‍රමාණයකින් වැඩි වෙද්දි, සැපයුමක් නැති වෙද්දි, එතන ඉබේම ප්‍රශ්න ඇති වෙනවා. මේ සදහා විසදුම් ලබානොදීමේ පාපකර්මය තමයි අද අපට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ.
අපි අතීතයට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ ගැටළුවට ස්ථිරසාර විසදුම් ලබාදීලා, අනාගතේ විදුලිබල ක්ෂේත්‍රයේ මෙවැනි ගැටළු ඇති නොවන ආකාරයට කටයුතු කරන්නයි ඕන.
නොයෙක් අය නොයෙක් දේවල් කිව්වට අපි මේ විදුලිබල ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙනවා ඉතාමත් කෙටි කාලයකින්. මේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඇතිවන අපහසුතාව සම්බන්ධයෙන් පිළිබදව මම ජනතාවට කණගාටුව ප්‍රකාශ කරනවා. තව සුළු කාලයකින් මෙවැනි ගැටළු යළිත් කවදාවත් ඇති නොවන ආකාරයේ සැලසුම් සහගත වැඩපිළිවෙලකට අපි අවතීරණ වෙනවා “යැයි පැවසීය.

