ඇමති රාජිතගේ දිව මහින්දට නැවෙයි
- RSL
- June 23, 2016
- පුවත් සහ වාර්තා
- Minister Rajitha Senarathne, news, reports
- 0 Comments
කු.පා.ම මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් සොරකම් කළ බවට මෙතෙක් කිසිදු චෝදනාවක් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එමෙන්ම තමා කිසිවිටකත් මුදල් සොරකම් පිළිබඳව පුද්ගලිකව හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල නොකළ බව ද ඊයේ (22 දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.
එහෙත් තවත් රාජපක්‍ෂවරු සිටින බවත් ඔවුන්ට මේ චෝදනාව තිබෙන බවත් හෙතෙම පැවැසීය.
මේ නිසා හිටපු ජනාධිපතිවරයාට උගුර කපා ගැනීම ගැන කිව හැකි වුවත් අනිත් රාජපක්‍ෂවරුන්ට එහෙම ප්‍රකාශ කිව නොහැකි බව ද කියා සිටියේය.