සමබිමක් වූ ලේක්හවුස් ආයතනයට ක්‍රිෂාන්ත කුරේ කඩා පැන දඩබිමක් කරති
- RSL
- December 20, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- krishantha cooray, Mangala Samaraweera, United National Party
- 0 Comments
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර අද(20) දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී විනාඩි 40ක් යාමටත් මත්තෙන් මංගලගේ කුප්‍රකට සහචරයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ එම ආයතනයට කඩා වැදී ඇත.
ලේක් හවුස් ආයතනයේ සේවකයින් ඇතුළු පිරිස් බියගන්වමින්, කොරිඩෝව දිගේ මහ හඬින් බෙරිහන් දෙමින් වියරුවෙන් පැමිණි කුප්‍රකට ක්‍රිෂාන්ත කුරේ තමා යළි කෙසේ හෝ ලේක් හවුස් සභාපති පුටුව අත්පත් කරගත් බව පෙන්වා ඇත.
මෙතෙක් දවසක් සමබිමක්ව පැවති ලේක් හවුස් ආයතනය තම දේශපාලන දඩබිමක් කරගෙන ඇති ක්‍රිෂාන්ත කුරේ නැමැත්තා, ලේක් හවුස් ආයතනයේ ඇතැම් කර්තෘවරුන් පවා කැඳවා අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කොට ඇත.
එක්සත් ජාතික පෙරමුණු-දෙමළ සන්ධාන ආණ්ඩුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ කුප්‍රකට සහචරයෙකු වූ ක්‍රිෂාන්ත කුරේ මංගල, රනිල්, කරූ සහ මෛත්‍රී අතර පණිඩුඩ හුවමාරු කරන දෙපිට කාට්ටුවෙකු ලෙස ප්රකටය.
මෙලෙස සතෙකු මෙන් හැසිරී ඇති ක්‍රිෂාන්ත කුරේ ඒ මොහොතේ පැමිණ ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී, තම සභාපති පත්වීම් ලිපියද රැගෙන බවටද වාර්තාවේ.

