මංගලගේ ගොටු අදින සහචරයින් රාජ්‍ය ආයතන වනසති; ප්‍රශ්න කළ විට මංගල මොංගල් වෙති
- RSL
- January 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mangala Samaraweera
- 0 Comments
අදාළ විෂය සම්බන්ධයෙන් නිසි දැනුමක් නැති ඇමතිවරයෙකු වන වත්මන් එක්සත් ජාතික පක්ෂ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ආතක් පාතක් නැතිව සිටි සහචරයින් මේ වන විට රාජ්‍ය ආයතන සින්නක්කරය ගෙන වනසමින්, බුදිමින් සිටින බවට වාර්තාවේ.
එවැන්නක් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ මංගලගෙන් ප්‍රශ්න කළ අතර එහිදී මංගල අන්මන්ද වී මොංගල් පිළිතුරක් දෙනු දක්නට ලැබිණ.
ස්වාධීන රූපවාහිනී ආයතනයට සභපතිවරයෙක් හා ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙක් පත් කිරීමට ඇමති මංගල සමරවීරට බලය ඇතත් සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කිරීමට කිසිදු බලයක් නැති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
තමන් සාමාන්‍යාධිකාරීවරයෙක් පත් නොකල බව ඇමති සමරවීර කියා සිටියදී ජවිපෙ නායකයා සුබාෂ් ජයවර්ධන ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරී කලේ කවුදැයි ප‍්‍රශ්න කලේය.
එහිදී ඇමති මංගල සමරවීර තමන් විසින් එකී පත් කිරීම සිදු කල බව පිලිගත්තේය.

