මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා ‘තෙල් මිල සූත්‍රය’නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් “මංගලගේ මාස් සුද්දිය” ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි.
ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇත.
රුපියල් 161 ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් සහ රුපියල් 133 ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ද වැඩි කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව, ප්‍රවාහන සහ ධීවර ක්ෂේත්‍රයන්ට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බැවින් මෙවර ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කරන ලදී.