අන්දවපු කෙටි සමය අවසන්; මංගල සමඟ එජාපය යළි සුපුරුදු පාරට
- RSL
- February 11, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Fuel Price, Mangala Fuel Formula, Mangala Samaraweera, UNP
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව ගෙනගිය දින 45ක කෙටි ආණ්ඩු කාලසීමාව තුළ ජනතාවට ලබාදුන් සහන සියල්ල මේ වන විට යළි බලය බැහැගත් එක්සත් ජාතික පක්ෂය විසින් අකුලමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් විශාල ලෙස අඩුකළ ඉන්ධන මිල මංගල යළි සුපුරුදු ලෙස ඉහළ දමමින් තිබේ.
තම ජාමේ බේරාගනිමින්, ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් කෙටි කලක්, සොච්චමකින් ඉන්ධන මිල අඩුකළේය. එහෙත් රුපියල, ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වීම පෙරට වඩා අඩු තත්වයක් යටතේ පවා යළි අද(11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීය.
ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 129ක් සහ ඔක්ටේන් (95) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 152ක් වේ.
ඔාටෝ ඩිසල් ලීටරයක නවතම මිල රුපියල් 103ක් වන අතර සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 126ක් ලෙස ඉහළ ගොස් තිබේ.

