මාකඳුරේ මධුෂ් සමඟ තවත් 31ක් ඩුබායි අධිකරණයකට (වීඩියෝ)
- RSL
- February 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- CID, Makadure Madush, Sri Lanka Police
- 0 Comments
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු කොකේන් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අද දින එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බව තහවුරු වීමෙන් පසුවයි.
මේ අතර ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයින්ගේ මෙරට නිවෙස් කිහිපයක්ම පොලිස් සෝදිසි කිරීම්වලට ලක් කර තිබේ.
මෙරට පාතාලයේ ප්‍රබලයා ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් ඇතුළු තවත් නමගිය අපරාධ කල්ලි සාමාජිකයින් සහ කලා කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිසක් ඇතුළු 125 දෙනෙකු පමණ පසුගිය 04 වනදා ඩුබායිහි ප්‍රෙමයිරා මරීනා ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකදී සාදයක් පවත්වා තිබුණි.
එම සාදයේ බව පැවසෙන විඩීයෝ දර්ශනයක් සහ ඡායාරූප කිහිපයක් ඊයේ (09) සමාජ මාධ්‍යවල වාරතා කර තිබුණේය.
එම සාදයේ සිටියදී පුද්ගලයින් 25 දෙනෙකු කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනාව මත පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර අත්අඩංගුවට පත් වූ ඔවුන්ගේ ඡායාරූප ද අද සමාජ මාධ්‍යවල දක්නට ලැබුණේය.
කෙසේ වෙතත් විෂ මත්ද්‍රව්‍ය පානය කිරීම හා ළඟ තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 25 දෙනාද ඇතුලුව 39 දෙනෙකුගේ රුධිර සාම්පල් එහිදී ඩුබායි පොලීසිය පරීක්ෂා කළ අතර ඉන් 31දෙනෙකුගේ කොකේන් මත්ද්‍රව්‍ය ශරීරගතව ඇතැයි පසුව අනාවරණය වී තිබේ.
එම පුද්ගලයින් අතර මාකඳුරේ මධූෂ් සහ ගායක අමල් පෙරේරා ද සිටින බව වාර්තා වන්නේය.
එහිදී විෂ මත්ද්‍රව්‍ය ශරීරගතව නොවු 08දෙනෙකු ඩුබායි පොලීසිය විසින් නිදහස් කර ඇති අතර කාන්තාවන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බවය වාර්තා විය.
මේ වන විට ඩුබායිහි අත්අඩංගුවට ගත් පිරිස ඩුබායි හි අල් රෆා පොලිස් ස්ථානයේ රඳවා සිටියි.
ඔවුන් අද (10) දිනයේ ඩුබායිහි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඩුබායි නීතිය අනුව විෂ මත්ද්‍රව්‍ය පානය කිරීම හා ළඟ තබාගැනීම වසර 3ත් – 10ත් අතර දඬුවම් හිමිවිය හැකි වරදක්.
විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාවට ලක්වුවහොත් මරණ දඬුවම හිමි වේ.
මේ අතර මාකඳුරේ මධුෂ්ගේ සහ ඔහු සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් වු මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පාතාල නායකයින්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පෙරේදා (08) ක්‍රියාත්මක කළේය.
එහිදී මධුෂ්ගේ සමීපතමයෙකු වු අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගාගේ මාතර ගන්දර නිවසේ තිබී යුධ හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල ඇතුළු ටී 56 උණ්ඩ 23ක් පොලීසිය විසින් සොයාගත් අතර එම නිල ඇඳුම් සහ අවි ආයුධ සැපයීම සම්බන්ධයෙන් අද අනුරාධපුර ප්‍රදේශයේදී ජංගාගේ ඥාතියෙකුවන හමුදා නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට ගත්තේය.

