අපරාධ සහ ජාවාරම්කරුවකු වන මධුෂ්ගේ ගිණුම් 23 ක කෝටි 1000 ඉක්මවූ මුදල්! රටපුරා වත්කම්
- RSL
- February 19, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Makadure Madush, Sri Lanka Police, STF
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත විශේෂ කාර්යය බලකාය සමඟ ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ බැංකු ගිණුම් 23 ක රුපියල් කෝටි 1000කට වැඩි මුදලක් ඇතැයි පොලිසිය සදහන් කරයි.
මධුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරමින් පවතින විශේෂිත විමර්ශනයකදී මේ බව හෙළිව තිබේ.
ඩුබායි සහ වෙනත් රට වල ඇති බැංකු ගිණුම් වල විස්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කරගෙන යමින් තිබේ.
ඔහු මෙතරම් වූ මුදල් සම්භාරයක් උපයා ගෙන තිබෙන්නේ මත්ද‍්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම්, කුලියට මිනී මැරුම් ඇතුළු අයථා ක්‍රම මගින් බවත් පොලිසිය සඳහන් කරයි.
මීට අමතරව සුපිරි වෙලද සැල් කීපයක්ද මධුෂ් විසින් සිය හිතවතුන් මාර්ගයෙන් පවත්වාගෙන ගොස් ඇති බවට ද තොරතුරු හෙළිව තිබේ.
ඉදිරියේදී මෙම දේපල රාජසන්තක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ගෙන යමින් සිටින බව ද පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි.

