“රට වැනසුවා ඇති අගමැති යන්න ’’ යන තේමාව මුල් කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් අද (01) එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් දෙවන දිනට මාවනැල්ල නගරයෙන් සිය ගමන උදෑසන ආරම්භ කළ අතර පාගමන අද නෙළුම් දෙණිය දක්වා පැමිණියේය.
මෙම ආරම්භක අවස්ථාවට එම පෙරමුණේ මහලේකම් නිතීඥ මෛත්‍රී ගුණරත්න එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“අද මෙ පා ගමන මාවනැල්ල නගරයේ සිට නෙළුම්දෙනිය දක්වා පවත්වනවා. අපට ආරච්චියි ඊයේ 31 දිනයේ රාජ්‍ය මාධ්‍ය විසින් අපේ මේ පාගමන නතර කරනවා කියලා. බොරු ප්‍රචාරයක් කරලා තිබෙනවා. එක අසත්‍යයක් ඒ නිසා අපි මෙ පා ගමන නැවත මාවනැල්ලෙන් ආරම්භ කලා සාර්ථිකව අද දිනයේ. ඒ නිසා සෑම සියලූ දෙනාටම අපි ආරාධනා කරනවා, අපි කියනවා මෙ රටේ ඓතිවාසිකම් දිනා ගන්න නොවෙයි මෙ රටේ මුදල් කෝටි ගණනින්, මිලියන ගණනවාක් මෙ අගමැති හා ගජ මිතුරු හවුල විසින් රටේ මුදල් හොරකම් කරලා තියෙනවා. දැන් මෙ නිසාම පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තියෙනවා.
අපේ ඒ විශ්වාසභංගය ගෙනා මන්ත්‍රීවරුන්ට කියන්නේ මෙකෙන් අගමැති ගෙදර යවන්න ඔබතුමාලා ජන්ද පාවිච්චි කරන්න කියන කාරණයි. අපි මෙ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් රටේ ජනතාව දැනුවත් කරන්නේ ඒ නිසා අපි ඔබතුමාලා සියලූ දෙනාටම කියන්නේ මේ පා ගමනට සහභාගි වේලා මෙ රටට කොඩි විනයක් වෙච්ච අගමැති ගෙදර යවන්න අපි සියලූ දෙනා පක්ෂ භේදයකින් තොරව එකතු වෙමුයි කියන එකයි මෙ අවස්ථාවේ කියන්නේ.