රවීට එරෙහි විශ්වාසභංගය එදා මහින්ද මඟ හැරියා; බැඳුම්කර හොරු හිරේ දැමීම අනිවාර්යයි- ජනපති

Spread the love

විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත්,එයට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය නොදී හිතාමතාම මඟ හැර රවී කරුණානායක මහතා එළියට පැමිණෙන විට දුරකථනයෙන් අමතා “රවී මම ආවේ නැහැ, උබට මගේ ඡන්දය දෙන්න, ප්‍රශ්නයක් නැහැ නේද කියලා” ඒක තමයි ඇත්ත කථාව. මම සාක්ෂි ඇතුවයි මේවා කියන්නේ”. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(22) ඓතිහාසික මහනුවර පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනරැලියකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“බැඳුම්කර වාර්තාවේ පැහැදිලිව කියලා තියෙනවා 2015-2016 විතරක් නෙවෙයි, මේ මහා මංකොල්ලය 2008 ඉදලා සිද්ධවෙලා තියෙනවා කියන එක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පවා කියා තිබෙනවා. ඒක නිසා අපි ඒවා ගැනත් හොයනවා. මම පැහැදිලිවම කියනවා, මේ මහ බැංකු බැඳුම්කර කොල්ලයට වගකිව යුතු වංචාකාර හොරු සියලුදෙනා හිරේ දාන්න කටයුතු කිරීමයි කියන එක මම බොහොම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ මහනුවර ඓතිහාසික වේදිකාවේදී කියනවා. හිරේ දාන උන් හිරේ දාන්න මාව අධෛරයමත් නොකර මට ඒ අවශ්‍ය ශක්තිය දෙන්න කියලා මම පක්ෂ, විපක්ෂ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කතාවක් තියෙනවා බලු රැලක් එක්ක ඉස්සරහින් යනවාට වඩා හොඳයි සිංහ රැලක් එක්ක පිටි පස්සෙන් යනවා කියලා. මම මේ කියන්නේ මේ රටේ දුප්පත් මහ ජනතාවගේ සල්ලි ගසා කාපු, මංකොල්ල කාපු සියලු දෙන්නාටයි. මම එදා විරුද්ධ වුණෙත්, අද විරුද්ධ වෙන්නෙත් දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට සහ ඒකාධිපතිවාදයට එරෙහිවයි.

RSL

Related Posts