මහින්ද හමුදා ඉඩම චීනයට විකුණා ඇත්තේ ඉඩම් ලේකම්ටත් හොරෙන් බව හෙළිවෙයි!

Spread the love

ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් චීනයට අයත් ෂැංග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් හොරෙන් යෑයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස්‌ මහතා ඊයේ (27) පැවැසීය.

මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක්‌ මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉඩමට අදාළ සියලු ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදිය යුතු යෑයි ද හෙතෙම පැවැසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ ලිපි ලේඛන අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා ලබා නොදී රජයේ අභිමතය පරිදි මෙම ඉඩම විකුණා ඇතැයි ද හිටපු ලේකම්වරයා අවධාරණය කළේය.

ආශ්‍රිත පුවත්: Exclusive: මහින්ද කොළඹ ඉඩම් විදේශිකයින්ට සින්නක්කර විකුණු හැටි (ඔප්පු ගිවිසුම් සහිතයි)

RSL

Related Posts