සිල් රෙදි දුන්නේ ජනතාවගේ ඉල්ලීමට – මහින්ද අද කියයි (Video)
- RSL
- September 11, 2017
- දේශපාලන
- Mahinda Rajapaksa
- 0 Comments
සිල්රෙදි බෙදා දීම වරදක් නොවන බවත්, එය ජනතාවගේ ඉල්ලීමක් අනුව සිදු කළ කටයුත්තක් වන බවත් හිටපු ජනපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(11) පැවසීය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිල් රෙදි බෙදා දීමට වරදකරුවන්ව බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුව දුක් විමසිම සඳහා අද(11) පෙරවරුවේදි හි.ජ.කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහල වෙත ගොස් තිබේ.
හිටපු ජනාධිපතිවරයා සමඟ හිටපු අමාත්‍ය මහාචාර්ය ජි.එල් පීරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍ර විමල් වීරවංශ යන මහත්වරුන් ද බන්ධනාගාර රෝහල වෙත ගොස් තිබුණි.

