
සිල් රෙදි බෙදාදීම සඳහා නියෝග කළේ තමා බවත්, එහි වගකීම තමා භාර ගන්නා බවත් මෙම සිද්ධිය දේශපාලන කටයුත්තක් නොව රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සිදු කළ ක්‍රියාවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිල් රෙදි බෙදාදිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සිරගත කිරිම දේශපාලන පලිගැනිමක් බව මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මෙම අදහස් පළකළේ කොබෙයිගනේ ප්‍රදේශයේ තම පාක්ෂිකයෙකු නිවසට ගොඩ වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලලිත් වීරතුංග මහතා වරදකරු කොට සිරගත කළ පසුව මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස තැන් තැන් වල විවිධ කතා කියමින් ගියද නඩුව විභාග වන අවස්ථාවේදී එහි වගකීම හෝ ලබාදුන් නියෝගයක් ගැනවත් කටක් ඇරියේ නැත.
Loading...