අලුත් හෝ පරණ එකෙන් මහින්දත් පළාත් සභා මැතිවරණය ඉල්ලයි
- RSL
- July 31, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Former President Mahinda Rajapaksa, Mahinda Rajapaksa
- 0 Comments
නව ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදි පැවැති වැඩසටහනකදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (30 දා) පැවැසීය.
ශේ්‍රෂ්ඨාධිකරණයේ සැසිය මේ සතියේ අවසන් වනබවත් එහි අලුත් සැසිය අගෝස්‌තු මාසයේ ආරම්භ වීමත් සමග නඩු පැවරීමට සිදුකරන බවත් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පීරිස් මහතා කියා සිටියේය.

