මහින්ද යළි කොන්ඩමයක් වේයැ’යි බියෙන් පසු බසී!
- RSL
- November 28, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- JO, Mahinda Rajapaksa, President Maithripala Sirisena, SLFP
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපක්‍රමශීලි දේශපාලනය තුළින් ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහමැතිවරණයේදී තමාට අත්කර දුන් ඉරණම යළිත් එලෙසම ලබාදේවියැ’යි බියෙන් ඔහු දේශපාලනික යළිත් පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
එය ප.ප.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයකින් වඩාත් තහවුරු වේ.
ආප්ප න්‍යාය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බොහෝ දෙනකුට තවමත් තේරුම් ගැනීමට හැකි වී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පවසා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවයක් ඇති බවටත් තමා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සුහද හමුවක් පැවැති බවටත් පැතිරගොස් ඇති කතා සත්‍යයෙන් තොර බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයාට තමා සමඟ කතා කිරීමට අවශ්‍ය නම් දුරකථනයෙන් කතා බහ කළ හැකි බවද හෙතෙම කීය.
තමාගේ තනි කැමැත්ත මත පක්‍ෂ එකමුතුව ගැන තීරණයකට එලඹිය නොහැකි බව පැවසු මහින්ද රාජපක්ෂ මහතා එවැනි තීරණයක් තනිව ගැනීමට කටයුතු කළහොත් තමන් ඒකාධිපතියකු ලෙස හැඳින්වීමට සමහරු උත්සාහ කරනු ඇතැයිද කීවේය.

