මුහුද හත්ගව්වක් තියෙද්දී බැසිල්, ගෝඨාභයට අමුඩ ගස්වයි; අප්‍රකාශිත ජනාධිපතිවරණයක අපේක්ෂකයෙකු බවට ගෝඨාභය පත්වෙයි (වීඩියෝ)

Spread the love

රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද සිය පළමු සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී කැඳවු අතර මෙහිදී පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව ඡන්ද විමසීමකින් තොරව පත්කර ගත්තේ එදා මෙන් අදත් රාජපක්ෂවරුන් ප්‍රජාත්‍රන්තවාදය තඹ දොයි තුවකටවත් මායිම් නොකරන බව යළි යළිත් තහවුරු කරමිනි. පාසැලේ සාහිත්‍ය සංගමයේ සිට සමූපාකාර සංගමය දක්වාත්, දේශපාලන පක්ෂයක සිට දැවැන්ත සමාගම් දක්වාත් තිබෙන එම අවම ප්‍රජාත්‍රන්තවාදී මූලධර්මයන් සහ ක්‍රමවේදයන් රාජපක්ෂවරුන්ගේ පක්ෂය නොතකා හරින්නේ ඔවුන් යටතේ සිටින්නේ දේශපාලන පක්ෂයක පාක්ෂිකයින් නොව තම පවුලට යටත් වහලුන් යැයි සිතන නිසාවන්නට පුලුවන.

ඉන් අනතුරුව එපරිද්දෙන්ම පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ දායාදය පිළිගන්නව විලසින් තම සොහොයුරෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනු ලැබුයේ, 2016 වසරේ සිට ගෝඨාභය රාජපක්ෂ, ටිරාන් අලස්, දිලිත් ජයවීර, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම් කිහිපයක් සකසා ගනිමින් කළු සල්ලි පොම්ප කරමින් ගෙන ගිය මාධ්‍ය සහ සිවිල් ව්‍යාපාර ඇතුළු විවිධ පාර්ශවලින් එල්ල කරන ලද දැඩි බලපෑම නිසා බවට වාර්තාවේ.

කෙසේ හෝ මේ වන තෙක් රටේ වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ආණ්ඩුව වත් සූදානම් නැති, ප්‍රකාශ කොට නොමැති ජනාධිපතිවරණයක අපේක්ෂකයෙකු ලෙසට බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභයගේම සහචරයින්ගේ පෙරැත්තය මත ගෝඨාභය රාජපක්ෂ මහතාව යථාකාලයකදී පැමිණේවියැ’යි අපේක්ෂිත ජනාධිපතිවරණයක අපේක්ෂයෙකු ලෙස නම් කළේය.

මෙම අවස්ථාව සඳහා රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ රාජපක්ෂවරුන් සහ රාජපක්ෂරුවන් නොවන ඔවුන්ට විවිධ අන්දමින් මෙහෙවර කම් කරන විශාල පිරිසක් අභිමානයයෙන් යුතුව එක්ව සිටීම කැපී පෙනුණි.

එසේම මතු යම් දිනෙක පැමිණෙන ජනාධිපතිවරණයදී තරඟ කිරීමට අපේක්ෂකත්වය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට “රීඩ් ශ්‍රී ලංකා” සුභ පැතුම් එක්කිරීමට මෙය අවස්ථාවක් කරගනිමු.

RSL

Related Posts