මහින්දට අධිවේගය හදන්න පෙර දුන් පරිසර වාර්තා සැලකුවා නම් අද මෙවැනි ගංවතුර විපතක් නෑ
- RSL
- June 2, 2017
- පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පරිසර වාර්තා සලකා බැලුවේ නම් මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇති නොවන්නට ඉඩ තිබූ බව මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තමන් පසුගිය රජයේ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ බව පිළිගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.
රටකට අධිවේගී මාර්ග අවශ්‍යයි. නමුත් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර වාර්තාත් සැලකිය යුතුයි.
ඉදිරියේදී පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට ගෙන ඉදිකිරීම් කළ යුතු යෑයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය.