නාමල්ගේ සහ යෝෂිතගේ පාදඩයින් නිසා මහින්දත් ඒකාබද්ධයත් දෙකඩ වෙයි (Exclusive)

Spread the love

එදා මෙදා තුර විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ ආදරණීය පාපී ග්‍රහයන් වූ ඔහුගේම අති ජාත පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ නිසාවෙන් යළි යළිත් මහින්දගේ දේශපාලන ගමන දැඩි බෙදීම් වලට සහ කඩා වැටීම්වලට ලක්වෙමින් තිබෙන බවට තහවුරු කරගත් ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

දේශපාලනය පිළිබඳව හැඳිමිටක් තරම් දැනුමක් නැති ශිරන්තිගේ සිහින මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් තවමත් දේශපාලන තුළ හුජ්ජ කොල්ලන් වූ නාමල් සහ යෝෂිතත් ඔහුගේ පාදඩයින් සහ සහචරයින් ඉදිරියට ගෙන ඒමට යෑමත් නිසාවෙන් මේ වන විට මහින්දත්, ඔහුගේ අභ්‍යන්තර දේශපාලන ව්‍යාපාරයත් දෙකඩ වීමකට ලක්ව ඇති අතර එය පෙරේදා නුගේගොඩ රැළියෙන් පසු ත්‍රීව වී ඇතැයි රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

මෙතෙක් කල් මහින්ද වෙනුවෙන් සිවිල් සමාජය සහ සමාජ ජාල තුල විශාල කාර්යභාර්යක් සිදුකරමින් සිටි පිරිස් වෙනුවට නාමල් සහ යෝෂිතගේ සහචරයින් සහ ගැටිස්සියන් ටිකත් ඉරාජ් කල්ලියේ සහ කාංචන විජේසේකර නැමැති කුප්‍රකට පාදඩයිනුත් මුළු මනින්ම පසුගියදා නුගේගොඩ පැවති රැළියේ සංවිධාන කටයුතුවලට අරක්ගනිමින් සියල්ල ඔවුන්ගේ සියතට ගෙන ඇත. මේ සඳහා පූර්ව ප්‍රචාරණ කටයුතු සිදුකළ එදා සිට මහින්දට හිත්‍යෂී තරුණ කණ්ඩායම් සඳහා මහින්දගේම හෙනහුරෝ වූ නාමල් සහ යෝෂිතත් ඔවුන්ගේ සහචරයිනුත් නොයෙකුත් කෙණහිලිකම් සිදුකොට ඇත.

මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස්ද යළි මහින්දට සහය ලබාදීම ගැන අවධානය යොමුකර ඇති අතර විශාල තරුණ පිරිසක් මහින්දගෙන් ඉවත්වීමේ සූදානමකින් පසුවන බවට වාර්තාවේ.

මේ පහත දැක්වෙන්නේ නාමල්ගේ පාදඩයෙකු වන කාංචන විජේසේකර විසින් මහින්දගේ සමාජ ජාල ක්‍රියාකාරිකයෙකුට තග දැමීම හේතුවෙන් ඊට ප්‍රතිචාර දක්වා ඔහු විසින් මුහුණු පෙතේ තබා තිබූ සටහනකි.

RSL

Related Posts