ආණ්ඩුවටත් හොරෙන් ඉන්දීය අගමැති මෝදි සමඟ මහින්ද, ගෝඨා කළ රහස් සාකච්ඡාවේ රහස් පිටවෙයි (Exclusive)
- RSL
- May 13, 2017
- විශේෂාංග
- Gotabya Rajapaksa, Mahinda Rajapaksa, Narenda Modi
- 0 Comments
ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නිල ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම සඳහා හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කළ ඉල්ලීමක ප්‍රතිථලයක් වශයෙන් පෙරේදා (11 දා) රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ න්‍යාය පත්‍රයෙන් බැහැරව සිදුවු මෙම රහස් සාකච්ඡාව සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන්ද සහභාගී වී ඇත.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානයේ පැවැති පිංකම්වලට සහභාගි වූ අගමැති මෝදි මහතා ජනාධිපතිවරයා අගමැතිවරයා සමග පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයෙන් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියන් හවුස්‌හිදී හමුවී ඇත.
මෙම රහස් සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවති අතර මෙම සාකච්ඡාවේදී රාජපක්ෂ රජය සමයේදී ඉන්දියාවට වඩා චීනය කෙරෙහි ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ දැක්වූ පක්ෂපාතීත්වයෙන් සිදුවූ පලුද්ද මෝදි මහතා ඉදිරියේ නිවැරදි කරගැනීමත්, රාජපක්ෂ රෙජීමයේ මීලඟ අනුප්‍රාත්තිකයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සඳහා ඉන්දියාවේ සහයෝගය ඉල්ලීමත් මෙම රහස් සාකච්ඡාවලදී සිදුව ඇතැයි විශ්වාසවන්ත ආරංචිමාර්ග ඔස්සේ අප වෙත වාර්තාවේ.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කරන ලද එම ඉල්ලීමට ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නැතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තාවේ.