කු.පා.ම. මහින්ද ජපානයේදී මරු මෝස් පෙන්වලා!

Spread the love

Mahinda1තමා ඩොලර් බිලියන 18 ක්‌ සොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරු දණ්‌ඩ කපාගන්නා බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර ඇත.

ජපානයේ සංචාරයක නිරත වන කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා එරට ටයිම්ස්‌ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් මේ කරුණු අනාවරණය කර ඇත.

ලොව කිසිඳු වැදගත් දේශපාලඥයෙකු, හිටපු රාජ්‍ය නායකයෙකු මෙවැනි මරු මෝස් උපමා හෝ ප්‍රකාශ කිසි විටෙක සිදුකරන්නේ නැත. එහෙත් ජන්මන්තර මැර පුරුද්ද සහ මැදමූලන බජාර් එකේ ලොකු මල්ලීගේ ආභාශය නිසාවෙන් මෙවැනි ප්‍රකාශ කු.පා.ම. මහින්දගේ කටට නිතැතින්ම ගලා එයි.

2015 දී තමා පරාජය වීමට හේතුව දෙමළ හා මුස්‌ලිම් ජනතාව තමාට එරෙහිව පෙළඹවීම බව හෙතෙම ප්‍රකාශ කර ඇත.

ඉදිරි දේශපාලන ජීවිතය ගැන අදහස්‌ දක්‌වමින් දේශපාලනඥයන් කිසිදා විශ්‍රාම නොගන්නා බවත් රාජපක්‍ෂ ප්‍රකාශ කර තිබේ.

RSL

Related Posts