මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ශ්‍රී.ල.නි.ප.යෙන් නෙරපා හැරෙයි ද?
- RSL
- March 19, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
පසුගිය 17 වැනි දා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා කණ්ඩායමේ ජන සටන නම් රැළියට සහභාගි වූ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් 37 දෙනාට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
එම පක්ෂයේ උත්තරීතර ආයතනය වන මධ්‍යම කාරක සභාව විසින් එම රැස්වීමට සහභාගි නොවිය යුතු බවට ගෙන තිබූ තීරණය උල්ලංඝනය කිරීම මෙයට හේතුව ලෙස දැනගන්නට ඇත. අවස්ථා කිහිපයක දී එම පක්ෂයේ විනය කඩකිරීම් සිදු වුවත් මේ අවස්ථාවේ දී එය සුළුවෙන් තකන්නට ඔවුන් සූදානම් නැති බව ද ආරංචි මාර්ග වාර්තා පළ කරයි.
එකී පිරිස පක්ෂයෙන් නෙරපා හරින්නට තරම් තත්ත්වය බරපතළ විය හැකි බවට ද සමහර දෙනා මත පළ කරමින් සිටිති.
