මහින්ද රාජපක්ෂ මැරිල ඉපදිලා ද?
- RSL
- March 11, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Mahinda Rajapaksa, news, reports
- 0 Comments
මාධ්‍යවේදීන් සඳහා යතුරුපැදි ලබා දීමක් ගැන සඳහන් කරමින් හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ රත්ගම දී ප්‍රකාශ කළේ එය මාධ්‍යවේදීන් නොමඟ යැවීමට සැකසූ කූඨ වැඩපිළිවෙලක් බව යි.
මේවා ඇසෙන විට ඇත්තට අපට සිතෙන්නේ මේ මනුස්සයා කතා කරන්නේ මැරිලා යළි ඉපිදිලා දැ යි කියා ය.
තමා විසින් ලැප්ටොප් පරිගණක මාධ්‍යවේදීන්ට ලබා දෙමින් මාධ්‍ය නිහඬ කරන්නට හැදූ හැටි ඔහුට නැතිනම් අමතක වෙන්නට විදිහක් නැත. ලසන්ත වික්‍රමතුංග මහපාරේ මහදවාලේ මිය ගිය අයුරු අමතක වන්නට විදිහක් නැත. දුරකතනයෙන් මාධ්‍යවේදීන් අමතා තර්ජනය කළ අයුරු, මාධ්‍ය ආයතන ගිනි තැබූ අයුරු, වෙබ් අඩවි තහනම් කළ අයුරු මාධ්‍යවේදීන්ට රටින් පළා යන්නට වාතාවරණය සෑදූ අයුරු, ජයන්තලාගේ කකුල් කැඩූ අයුරු… මේවා අමතක කරන යතුරු පැදි ගැන කතා කරන්නට නම් මහින්ද ඇත්තට ම මැරිලා ඉපදිය යුතු ය.
ඇත්තට ම මහින්ද රාජපක්ෂ මැරිල ඉපිදිලා ද?
