දරුණු ඝණයේ අපරාධකරු මධුෂ් පිටුවහල් කරනවාද.. නැද්ද? – ඩුබායි උසාවියේ තීන්දුව අද

Spread the love

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද (18) ලබාදීමට නියමිතව ඇත.

සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතිඥයන් මාර්ගයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බැවින් තමන් ශී‍්‍ර ලංකාව වෙත පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් ඉන්දීය නීතිඥයන් පිරිසක් හරහා මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ මීට සති කීපයකට පෙරය.

එම ඉල්ලීමට අනුව ඩුබායි අධිකරණයේ තීන්දුව අද දහවල් ලබාදීමට නියමිතව ඇත.

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතරින් 21 දෙනකු මේ වනවිට ශී‍්‍ර ලංකාවට පිටුවහල් කර ඇති අතර තවත් හත් දෙනකු මේ වනතුරු ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටිති.

ඒ අතර ජනපි‍්‍රය ගායක අමල් පෙරේරාද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

RSL

Related Posts