𝗟𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 වෙන්න කලින් 𝗟𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 කරමු..!

Spread the love

ලෝකය පුරා ව්‍යාප්ත කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ මේ වන විට තෙවැනි රැල්ලක් ඇතිකර තිබේ. ඉතා සීඝ්‍රයෙන් රෝග ව්‍යාප්තිය සිදුවන මේ අවස්ථාවේ සපයාගත හැකි දත්ත මත පදන ම්ව, ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗼𝗳 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗠𝗲𝘁𝗿𝗶𝗰 𝗮𝗻𝗱 𝗘𝘃𝗮𝗹𝘂𝗮𝘁𝗶𝗼𝗻 (𝗜𝗛𝗠𝗘) ආයතනය පුරෝකථනයක් ඉදිරිපත් කර තිබේ. ලෝකයේ බොහෝ රටවල් සඳහා ඉතාම නිරවද්‍ය පුරෝකථන සහ පෙර දැනුම්දීම් සිදුකර ඇති මෙම ආයතනය, විද්‍යාත්මක දත්ත සහ සිද්ධාන්ත මත පදනම්ව දැනට ඇති තත්වයන් අනුව නුදුරු අනාගතයේ රෝග ව්‍යාප්තිය සහ එහි බලපෑම කෙසේ වියහැකිදැයි ප්‍රක්ෂේපනය කරනු ලබයි.


එම ප්‍රක්ෂේපනයන්ට අනුව 𝟮𝟬𝟮𝟭 වසරේ ජුනි මස අවසානය වන විට ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් තෙවැනි රැල්ල එහි උච්චතම අවස්ථාවට පත්වන බවත්, එම අවස්ථාව වනවිට දිනකට කෝවිඩ් මරණ 𝟯𝟱𝟬ක් පමණ සිදුවියහැකි බවත් පුරෝකථනය කරනවා. එමෙන්ම දිනකට අසාදනය වෙන සංඛ්‍යාව 𝟴𝟮,𝟬𝟬𝟬ක් පමණ විය හැකි බව අපේක්ෂා කරනවා.


මේ අතරම, 𝗣𝗖𝗥 පරීක්ෂණ වලින් 𝗣𝗼𝘀𝗶𝘁𝗶𝘃𝗲 වන ප්‍රථිශතය 𝟭𝟲.𝟲% වැනි ඉතාමත් ඉහල අගයක් දක්වා 𝟮𝟭.𝟬𝟱.𝟮𝟬𝟮𝟭 දින වන විට පත්ව තිබේ. මෙයින් පෙනී යන්නේ රෝග ව්‍යාප්තිය ඉතාම වේගවත්ව සිදුවන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම ප්‍රථිශත අගය 𝟱% කට අඩු මට්ටමක පැවතීම සුදුසු බවයි.


ඉහත පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ සියළුම වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍ය වරුන්, විද්‍යාඥයන් සහ විද්වතුන් නියෝජනය කරන සංගම් සහ වෘත්තීය සමිති සියල්ලම එක්ව, කොරෝනා තෙවැනි රැල්ල මැඩපැවැත්වීම සදහා විද්‍යාත්මක ක්‍රමවේදයක් යෝජනා කරයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යන සංගම් එක්ව සිදුකල ඒකාබද්ධ නිවේදනයේ වහාම දින 𝟭𝟰ක් රට පුරා දැඩි සංචරණ සීමා පැනවීමේ 𝗟𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 අවශ්‍යතාවය අවධාරණය කරයි. වෘත්තීයවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දින 𝟭𝟰ක් 𝗹𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 කිරීමේ අවශ්‍යතාවය රජයට අවධාරණය කර සිටියි. එමෙන්ම ලෝකප්‍රකට ශ්‍රී ලාංකික වෛරසවේදියකු මෙන්ම 𝗦𝗔𝗥𝗦 𝗖𝗼𝘃𝗶𝗱 වෛරසය පිළිබද පුරෝගාමී විද්‍යාඥයකු වන මහාචාර්‍ය මලික් පීරිස් මහතා සහ විශේෂඥ ප්‍රජා වෛද්‍ය වරියක වන මහාචාර්‍ය කාමිනී මෙන්ඩිස් මහත්මිය සමග එක්ව ප්‍රකාශයට පත් කල නිවේදනයක, රට වහාම 𝗹𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 තත්වයකට පත්කල යුතු බවත්, අවම වශයෙන් දින 𝟭𝟰ක් වත් එය පවත්වාගත යුතු බවත් අවධාරණය කරයි.


බුද්ධිමත්, විචාරශීලී ප්‍රවේශයක් හරහා අර්ථාන්විත තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව නිරතුරුවම අවධාරණය කරන 𝟰𝟯 සේනාංකය වශයෙන් අප ඉතාමත් අවධාරණයෙන් රජයට බලකර සිටින්නේ, මේ බැරෑරුම් අවස්ථාවේ අප රටක් වශයෙන් මහත් ව්‍යසනයක් අභිමුව සිටින බව අවබෝධ කරගන්නා ලෙසටයි. සමස්ත වෛද්‍ය සහ විද්වත් ප්‍රජාවම එක්වන්ව, එක හඩින් මේ මොහොතේ යෝජනා කරනු ලබන ක්‍රියාමාර්ගය වන දින 𝟭𝟰ක් වත් අඛණ්ඩව පවත්වාගෙන යන දැඩි සංචරණ සීමාවන් නොහොත් 𝗟𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 ක්‍රියාමාර්ගයක් වහාම රට පුරා ක්‍රියාත්මක කරන ලෙසයි.

දැනට ජනාධිපතිතුමාට සහ රජයට උපදෙස් දෙන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා 𝟮𝟭.𝟬𝟱.𝟮𝟬𝟮𝟭 දින පැවති ජනාධිපති කාර්‍යසාධක බලකා රැස්වීමේදී යෝජනා කරන්නේ “ක්‍රමානුකූලව ටික ටික , 𝗹𝗲𝘃𝗲𝗹 𝟯 𝗿𝗲𝘀𝘁𝗿𝗶𝗰𝘁𝗶𝗼𝗻𝘀” පවත්වාගෙන යන ලෙසයි. මෙම 𝗹𝗲𝘃𝗲𝗹 𝟯 𝗿𝗲𝘀𝘁𝗿𝗶𝗰𝘁𝗶𝗼𝗻𝘀 යනු කුමක්ද යන්න ඉතා අපැහැදිලිය. එමෙන්ම කඩින්කඩ, දින කීපය බැගින් පනවනු ලබන ඇදිරිනීති මගින් වෛරසය පැතිරීම පාලනය කල නොහැකි බව සියළු විශේෂඥයින් එක හඩින් පවසති.


සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මින් පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛයට අනුව 𝗔𝗹𝗹𝗲𝗿𝘁 𝗹𝗲𝘃𝗲𝗹 𝟯 යනු සමාජ පැතිරීමට (𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝘁𝘆 𝘀𝗽𝗿𝗲𝗮𝗱) නොහොත් 𝗔𝗹𝗹𝗲𝗿𝘁 𝗹𝗲𝘃𝗲𝗹 𝟰 ට කලින් ඇති පොකුරු එකකට වඩා රට පුරා පැතිරී ඇති තත්වයයි. වෛද්‍ය විශේෂඥයින් ඇතුලු දේශීය මෙන්ම විදේශීය සියළු විද්වතුන් මේ වන විට මෙම රෝගය සමාජ පැතිරීම දක්වා වර්ධනය වී ඇති බව පිළිගත්තත්, රජය තවමත් එය ප්‍රතික්ෂෙප කරමින් සිටී.


එබැවින් නැවත වරක් අප අවධාරණය කර සිටින්නේ, රට තුල ඇතිව තිබෙන සමාජ ව්‍යාප්ති තත්වයේ වෛරස පැතිරීම සැලකිල්ලට ගෙන වහාම දින 𝟭𝟰කට රට දැඩි සංචරණ සීමා වලට 𝗹𝗼𝗰𝗸𝗱𝗼𝘄𝗻 නතු කරන ලෙසයි. විවිධ හේතූන් දක්වමින් විද්‍යාත්මක පදනම් මත පිහිටා තීරණ ගැනීම වෙනුවට, දේශපාලනික සහ මිලිටරි තීරණ වලට අවතීර්ණ වීමෙන් රටම මහත් ව්‍යසනයකට පත්වනු ඇති බව අප අනතුරු අඟවා තබමු.

-43 වන සේනාංකයේ වෛද්‍ය අංශයෙනි-

RSL

Related Posts