ශලීල ඇතුළු සැකකරුවන් 04ක් ඇප මත නිදහස් කරයි
- RSL
- November 6, 2017
- උණුසුම් පුවත්, විමර්ශන
- Shalila Munasinghe
- 0 Comments
තායිවානයේ ෆා-ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුලූ හතරදෙනා ඇප මත නිදහස් කර තිබේ.
ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. එහි දී එක් අයෙකුට රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 03 ක් මත විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කර ඇත.
එමෙන්ම අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමද මොවුන්ට තහනම් කොට ඇත.

