ෆොන්සේකා සහ රාජිත ගැන SJB ගත් අලුත්ම තීන්දුව

Spread the love

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 

මහ ලේකම්වරයා කියා සිටියේ ෆොන්සේකාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම සතියේදී කැඳවන බවයි.

“පක්ෂයේ තරාතිරම නොබලා පක්ෂයක ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි. ෆොන්සේකා මහතා විනයානුකූලව කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. පක්ෂයේ ඉන්නකම් පක්ෂ නායකයා එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. ඒ නිසා අපි ලෑස්ති ​​වෙනවා ඔහුට විරුද්ධව පියවර ගන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහුට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ සතියේ තීරණය කරනවා,” ඔහු පැවසීය.

පසුගිය කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කරන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පියවරක් නොගැනීම ගැන විමසූ විට රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු පියවරක් නොමැති බවයි.

‘රාජිත ෆොන්සේකා වගේ සැර පරුෂ විදිහට සමගි ජනබලවේගය නායකයාව විවේචනය කරන්නේ නැහැ“ ඔහු පැවසුවේ.

Related Posts