කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි අවසන් මෙහෙයුමට සැරසෙයි (විශේෂ-වීඩියෝ)
- RSL
- May 11, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
කුප්‍රකට ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු නැමැත්තාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට විරෝධය පළ කරමින් ඉදිරි සති දෙක තුළදී යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමකදී තීරණය කර ඇති බව සඳහන්.
මධ්‍යම කාරක සභාවේ ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ මෙම රැස්වීමට ශාඛා සමිති 110ක නියෝජිතයහින් සහභාගිවු බවයි.
ඒ අනුව සයිටම් ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා නොදුනහොත් අනෙකුත් වෘත්තීය සමිති සමග ඒකාබද්ධව අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් දින වකවානු ඉදිරියේදී දැනුම්දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.