‘ඊ නිව්ස් තහනම වැරදියි; ඒකට ජනපතිගේ සම්බන්ධයක් නැහැ’ – කැබිනට් ප්‍රකාශක
- RSL
- November 22, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Dayasiri Jayasekara, Lanka E News
- 0 Comments
ලංකා ඊ – නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.
කෙසේ වෙතත් ලංකා ඊ- නිවුස් වෙබ් අඩවිය තහනම් කළ ආකාරය ගැන තමාට එකඟ විය නොහැකි යැයි ද ඇමැතිවරයා එහි දී සඳහන් කළේය.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කළ යුතුව තිබුණේ ඒ සඳහා උසාවි නියෝගයක් ලබාගෙන යැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.

