අර්ජුන රණතුංග ඉඩමක් වංචා කළා ද?
- RSL
- January 10, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Arjuna Ranathunga, news, reports, Sri Lanka Political
- 0 Comments
1996 දී ලෝක කුසලාන ක්‍රිකට් ජයෙන් පසු දුර බැහැර ක්‍රීඩකයන් සඳහා නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කිරීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉඩමක් ලබා දී ඇත. තොරතුරු ලැබෙන පරිදි ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය ලබා දී ඇත්තේ එවක ක්‍රිකට් නායකව සිටි අර්ජුන රණතුංග වෙත බව ද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් දැන් දැනගන්නට ලැබෙන පරිදි එහි යම් වංචාවක් සිදුව ඇතැයි අනුමාන කළ හැකි ය. මේ පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පළ කරන ලද අදහසකි.
“මම පාර්ලිමේන්තුවේදී අවුරුදු හතරක් අර්ජුන රණතුංග ආණ්‌ඩුවෙන් ගත්ත ඉඩම ගැන කතා කළා. ලංකාවෙම ලෝකෙම හොරකම් ගැන කතා කරන අර්ජුන ඒ ඉඩමට මොකද කළේ. ඒක හදන්න ෆවුන්ඩේෂන්වල මිනිස්‌සුන්ගෙන් තොප්පි ගහල ගිහිල්ල සල්ලි එකතු කළා. ඒකට සල්ලි දුන්න මිනිස්‌සුන්ගෙ සාක්‍ෂි මා ළඟ තියෙනවා. අන්තිමට අර්ජුන සල්ලි ටික සාක්‌කුවෙ දාගෙන ඉඩම විකුණුවා.”
මෙය බරපතළ තත්වයකි. සාක්ෂි ළඟ ඇත්නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කර කටයුතු කිරීම ජනතාවට වගකිව යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තිලංග සුමතිපාලගේ වගකීම ය. අප නිබඳව මේ පිළිබඳ විමසිල්ලෙන් සිටිමු.