පැරදුණු බව තේරුම්ගන්න – ඇමැති ලක්ෂ්මන් යාපා කියයි
- RSL
- March 30, 2016
- දේශපාලන
- Lakshman Yapa Abeywardena, Mahinda Rajapaksa, political
- 0 Comments
අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා විසින් පසුගිය දා මාතර රැස්වීමක් අමතා ප්‍රකාශ කළේ, පසුගිය ජනපතිවරණය ජයගන්නට කළ හැකි දේවල් සියල්ලම කළත් මහින්ද රාජපක්ෂ මහතා සැබැවින්ම පරාජය වූ බවයි.
කාර්යාලයේ බැනර් එකේ සිට සියලු දේවල් ජනාධිපති කාර්යාලයෙන් යැවුවත් කිසිදාක නොකළ පරිදි ඡන්ද පොළ නියෝජිතයන්ට මුදල් පවා දුන්නත් ජනපතිවරණය පරාජය වූ බවත් එය තේරුම්ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.
කුඩා පක්ෂ විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය යොදාගෙන තමන්ට වාසි සලසාගන්නා බවත් ද මේ තත්වය තේරුම් නොගෙන කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමෙන් පළක් නොවන බවත් කියා සිටියේ ය. රැස්වීමවලට මුදල් දී සෙනඟ පුරවන ප්‍රමාණයෙන් ජනතා මතය තීරණය කළ නොහැකි බවත්, එය තවදුරටත් යථාර්තයක් නොවන බවත් ඔහු පවසා සිටියේය.