2020 ජනාධිපතිවරණයට සංගා..! මාධ්‍යවේදීන්ට සංගාගෙන් ලිස්සා යන පිළිතුරක් (Video)

Spread the love

ඊයේ(27) පස්වරුවේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කුමාර් සංගක්කාර මහතාගෙන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන ප්‍රශ්නයට ලිස්සා යන පිළිතුරක් ලබාදෙමින් පවසා සිටියේ, තමන්ට දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි. එහි දී ඔහු මාධ්‍යවේදීන් නැඟූ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැ’යි වන යන ප්‍රශ්නය ප්‍රතික්ෂේප නොකළ අතර තමන් එවැනි දෙයක් කොහේ දී හෝ ප්‍රකාශ කර ඇත්දැයි පෙරලා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

කෙසේ වෙතත් මීට පෙර 2010 වසරේ පොදු අපේක්ෂකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට සහ අපේක්ෂකත්වයට පැමිණීමට පෙර මාධ්‍ය හමුවේ දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ, තමන් කිසිදා දේශපාලනයට නම් නොපැමිණෙන බවයි.

එසේම 2015 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වයට පැමිණෙන දින උදෑසන අවසන් වරට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ උදෑසන ආහාර ලෙස ආප්ප කමින්ද ප්‍රකාශ කර ඇත්තේ, තමන් කිසිදා පක්ෂය හෝ ඔබතුමා හැර නොයන බවත්, පොදු අපේක්ෂකයා තමන් බවට යන ප්‍රචාර බොරු බවත්ය.

ශ්‍රී ලංකාවේ භාවිතා වන එවැනි දේශපාලන ක්‍රමයක් තුල ප්‍රවීන මෙන්ම ජනාදරයට පත් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර අද කියන මෙම ප්‍රකාශ කෙතරම් දුරට වලංගුද යන්න කාට නම් කිව හැකිද..?

පසුගියදා පකිස්ථානයේ අගමැතිධුරයට පත් වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඉම් රාන් ඛාන් මේ වන විට එරට සාම්ප්‍රදායික දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කරමින් ජනතා සිත් ඇඳ බැඳගනිමින් විප්ලවීය වෙනසක් සිදුකරමින් සිටී.

Loading...

RSL

Related Posts