
2016 ජූනි මස 05 වෙනි දින සිදු වක් කොස්ගම සාලාව ආයුධ ගබඩාව පුපුරුවා හැරීම රාජපක්ෂලාගේ සැලසුම් සහගත ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර පවසා සිටිනවා.
ඊයේ (07) කුරුණෑගල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැලියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.
“ඊයේ පෙරේදා රණවිරුවෙක් මට කතා කරලා කිව්වා විශේෂ තොරතුරක්. ඔහු කියනවා අවුරුද්දකර කලින් විතර කොස්ගම නාවික හමුදා කදවුර ගිනි ගත්තා. අපිට දැන් තොරතුරු හෙලි වෙලා තියනවා මේක කරන්න හේතු වෙන මොකක්වත් නෙමෙයි මේ නාවික කදවුර යටතේ රාජපක්ෂ මහත්තයාගේ රථවාහන 90ක් හංගලා තිබුණා කියන කාරණය. ඉදිරියේදි මේ කරුණු කාරණා ඔප්පු වෙයි. ඒ කියන්නේ මේ රජය ආවට පස්සෙත් සමහරු නිලධාරින් අල්ලගෙන රජය අපහසුතාවයට පත් වෙන්න රජය ඇතුලේ ඉදගෙන කුමන්ත්‍රණය කරන අය ඉන්නවා. ඒනිසා අපි කියනවා රජය ඇතුලේ ඉදගෙන රජය අපහසුතාවයට පත් කරන ඒ කූඨ නිලධාරින්ටත් දඩුවම් කිරීම මේ පෙබරවාරි 10 වෙනිදායින් පස්සේ අපි ආරම්භ කරනවා” මන්ත්‍රීවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කර සිටියා.
සටහනක්:
මෙම ප්‍රවෘත්තියේ අවසානයේ අපි ඔබට ඉතා වැදගත් යමක් අනාවරණය කරමු. එනම් “X” අවි ගබඩාවට පිවිසීමට ප්‍රථම ඒ භාර ලුතිනන්වරයා විසින් ලබාදුන් අවි ගබඩාව සම්බන්ධ ඉන්වෙන්ට්‍රිය, තමන් වෙත ලබා දුන් ස්කෑනරයට නිෂ්පාදකයා විසින් යොදන ලද අංකය (Serial Number) සඳහන් ස්ටිකරය සහ තමන් විසින් තම “Pen Drive” වෙත ස්කෑනරය වෙතින් පිටපත් කරගන්නා ලද සියලු දත්ත පිපිරීමට පෙර සුරක්ෂිතව ඉවත් කරගැනීමටද රටින් බැහැර කර ගැනීමටද “X” සමත්වූ බවයි.
අනාගතයේදී නිසැකව බිහිවන, රටට සැබවින්ම ආදරය කරන රජයක් විසින් මේ ඛේදවාචකය පිලිබඳව පවත්වනු ලබන විධිමත් පරීක්ෂණයකදී සහ ඉන් පසුව සිදුකරනු ලබන නඩු විභාගයකදී රජයේ සාක්ෂිකරුවකු ලෙස “X”ද ඉහත කී ලේඛනයන්ද අතිශය වැදගත්ය.
-lankanewsweb.info-ඇසුරින්