මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ඝාතන සිද්ධි රැසක සැකකරුවකුද වූ මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේදී අද(28) අත්අඩංගුවට ගැනුණි.
පොලිසිය සඳහන් කළේ ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් කටුනායකදී මාලදිවයිනට පැනයාමට සැලසුම් කර තිබූ බවයි.
පැය කිහිපයක් පුරා සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී ඔහු රහස් පොලිස් නිලධාරීන් හමුවේ හඬාවැටී තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේ ඩුබායිහී ජුමෙයිරා මරීනා ප්‍රදේශයේදී එරට පොලිස් අත්අඩංගුවට පත්වූ මාකඳුරේ මදූෂ් සමඟ සිටි තරුණ ගායක නදීමාල් පෙරේරා සහ කළුතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අලුයම මෙරටට පැමිණියේය.
එහිදී දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පස්වරු 3.30 ට පමණ තරුණ ගායක නදීමාල් පෙරේරා මුදාහැරීමට කටයුතු කෙරුණු අතර ඔහු සමග මෙරටට පිටුවහල් කළ කලුතර බන්ධනාගාර නියාමකවරයා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
මේ අතර 2017 දී කලුතර එතනමඩල ප්‍රෙද්ශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කිරීම සඳහා මාකඳුරේ මදූෂ්ට මෙම බන්ධනාගාර නියාමකයා විසින් තොරතුරු සපයා ඇති බවද ආණාවරණ වී තිබේ.
එමෙන්ම ලලිත් කුමාර සහ මාකඳුරේ මදූෂ් කුඩාකල සිටම මිතුරන් බවට තොරතුරු අණාවරණ වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
මදූෂ් උපත ලබන අවස්ථාවේදී ඔහුගේ මවට සත්කාර කර ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලෙස කටයුතු කළ ලලිත් කුමාරගේ මව විසින් බවද පොලීසිය සඳහන් කළේය.
මේ අතර මදූෂ් සමග ඩුබායිහීදී අත්අඩංගුවට පත්වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම, මෙරට සිදුවූ ඝාතන ඇතුළු අපරාධ රැසකට පොලිසියට අව්‍යශව සිටින මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කන්ජිපානි ඉම්රාන් නැමැත්තාවද මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව අද අලුයම 6.15 ට පමණ කංජිපානි ඉම්රාන් FLY DUBAI ගුවන් සේවයට අයත් FZ – 548 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලට පැමිණි අතර ඔහු එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව හරහා UL 101 ගුවන් යානයෙන් මාලදිවයින වෙත පැන යාමට උත්සාහකර තිබේ.
එලෙස මාලදිවයිනට පැනයාමේ අරමුණින් ගුවන්තොටුපල සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදී ඔහු ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණි.
ඒ අනුව අද පෙරවරුවේ ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.
පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ මොහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකර ප්‍රශ්න කිරීම් අතරතුර ඔහුගේ බිරිඳගේ ඝාතනයට ඔහු සම්බන්ධදැයි විමසූ අවස්ථාවේ එම චෝදනාව ප්‍රතික්ෂේප කළ කංජිපානී ඉම්රාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ හඬා වැටුණු බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.
මෙරට බුද්ධි තොරතුරුවලට අනුව පකිස්ථානයේ සිට මෙරටට හොරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මෙහෙයවන 34 හැවිරිදි කංජිපානි ඉම්රාන් 2015 මාර්තු 28 වනදා ඩුබායී වෙත පලා ගොස් තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මෙරට ප්‍රබල ව්‍යාපාරිකයින් බියවද්දා මුදල් කප්පම් ගැනීමේ ජාවාරමක්ද මෙරට සිටින ඔහුගේ ගෝලයින් විසින් සිදුකරගෙන ගිය අතර මාලිගාවත්ත, අලුත්කඩේ, ආදුරුප්පු වීදිය සහ මරදාන යන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ අපරාධ කල්ලි ජාලයකට කංජිපානී ඉම්රාන් ඩුබායිහී සිටි නායකත්වය ලබාදී තිබුණි.
එමෙන්ම 2016 දී ඩුබායි නේවාසික වීසා ලබාගැනීමෙන් අනතුරුව අධි සුඛෝපභෝගී නිවසක් 99 අවුරුදු බද්දට ගෙන ඇති කංජිපානී ඉම්රාන් ජංගම දුරකථන ව්‍යාපාරයක් සිදුකරන බවට එරට රජයට තොරතුරු සපයා පකිස්ථානයේ පේෂාවර් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුකරගෙන ගොස් තිබේ.
එමෙන්ම ඩුබායීහී මාකඳුරේ මදූෂ් පදිංචි වී සිටි අධි සුඛෝපභොගී නිවස කංජිපානී ඉම්රාන්ගේ අනියම් බිරිඳගේ නමට මිලදී ගෙන ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.
මේ අතර කංජිපානී ඉම්රාන් සමග ඩුබායි අත්අඩංගුවේ පසුවූ අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා, අමිල සම්පත් රත්නායක, ඇන්ඩර්සන් ෆර්නෑන්ඩස් යන සැකකරුවන්ද එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ මෙරටට පැමිණියේය.
ඔවුන් තිදෙනාද අපරාධ රැසක් සඳහා පොලිසියට අව්‍යශව සිටි සැකකරුවන් වන අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළකළේය.
මේ අතර ඉන්දියාවේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කිඹුලා ඇළේ ගුනාගේ” සමීපතමයින් වන “පෙරාමුල්ලේ සමීර” ඇතුළු සිව් දෙනෙකු වත්තල, හැදල, පල්ලියවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.
පසුගිය 2019 ජනවාරී මස 13 වන දින වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන්නේ ද මෙම පෙරාමුල්ලේ සමීර නැමැත්තායි.
මේ අතර ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාරව අද කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
-දෙරණ-