රට වටේ කයිවාරු ගැසූ චම්පික පීචං වෙයි (වීඩියෝ)

Spread the love

රට වටේ කයිවාරු ගසමින් ලොවෙත් නැති අමාත්‍යංශයක් නිර්මාණය කොට ගත්, එහෙත් ගත වූ වසර පහකට ආසන්න කාලය තුල කිසිඳු දැනෙන වැඩක් සිදුනොකළ පාඨලී චම්පික රණවක නොහොත් පා.ච.රණවක අමාත්‍යවරයාට අයත් මහනගර සහ බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණි. ඔහු කලකට ඉහතදී ප්‍රකාශ කළේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිදුකළ බාධා කිරීම් නිසා රට වෙනුවෙන් වූ තම සංවර්ධන මෙහෙයුම් සිදුකළ ගත නොහැකි වූ බවයි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශයේ ශීර්ෂයට විරුද්ධව ඡන්ද 38 ක් ලැබී තිබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 24 ක් පමණක් ඒ අනුව අදාළ වැය ශීර්ෂය වැඩි ඡන්ද 14කින් පරාජයට පත්වුණි.

අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන, මහනගර සහ බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනි.

එහිදී පළාත් පාලන ආයතනයක සිදු වූ බව කියන ටෙන්ඩර් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කථාබහට ලක්වුණි.

RSL

Related Posts