මහනුවරට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරයි

Spread the love

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය පෙරවරු 10.00 ඉවත් කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කර ඇත.

ඒ අනුව පෙරවරු 10 ය ඉවත් කිරීමටත් එදිනම පස්වරු 6ට නැවත පැනවීමටත් ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මාර්තු 08 වන දා පෙරවරු 10.00 සිට එදින පස්වරු 06.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කොට ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත මෙසේ ලබා දී ඇති සහන කාලය ඉතා වගකීමෙන් භාවිතා කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RSL

Related Posts