කාමර නැතිව යාපා මාතර බලා සිටියදී කබීර් රට යයි

Spread the love

රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සිය අමාත්‍යාංශ පරිශ්‍රයේ කාර්යාල කාමරයක්‌ වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක්‌ නොදීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට්‌ ඇමැති කබීර් හෂීම් මහතා පෙරේදා (07) හදිසියේ විදේශ ගත වී ඇත.

මෙම තත්ත්වය මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයාට කැබිනට්‌ ඇමැතිවරයා දිවයිනට පැමිණෙන තෙක්‌ මාතරට වී බලා සිටීමට සිදු වී තිබේ. කාර්යාල කාමරය වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක්‌ ලැබෙන තෙක්‌ මාතරට වී සිටින බව ලක්‍ෂ්මන් යාපා මහතා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

පසුගිය මස 22 වැනිදා සිදුකරන ලද කැබිනට්‌ සංශෝධනයෙන් පසුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ සිය කාර්යාල කාමරය වෙන් කර ගැනීම පිළිබඳ සොයා බැලීමට යාපා මහතා නිලධාරීන් යවා ඇත්තේ කබීර් හෂීම් මහතාට කිසිදු දැනුම් දීමක්‌ හෝ නොකර බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටලුවට ප්‍රධාන හේතුව එය යෑයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කැබින්ට්‌ සංශෝධනයෙන් පසු ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ගැසට්‌ කිරීමට ද මෙතෙක්‌ හැකි වී නැත.

RSL

Related Posts