විධායක ජනපති ධුරය අහෝසි නොකළොත් ජවිපෙන් ජනපති අපේක්‍ෂකයෙක්! කිසිවෙකුට 45%ක් වත් නැහැ
- RSL
- March 26, 2019
- උණුසුම් පුවත්, දේශපාලන
- Executive Presidency, JVP
- 0 Comments
ලබන ඔක්තෝබර් 15 වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කර ගන්නට බැරි වුණොත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණින් ප‍්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් කාටවත් සියයට 45 ට වඩා ගන්න බැහැ.
මෙවර අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා හරහා දැවැන්ත ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගෙන එය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දැවැන්ත ජනවරමක් බවට පත් කරගන්නා බවද ඒ මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසූවේ පෙරේදා (24) කළුතර නගර ශාලාවේදී පැවැති පක්‍ෂයේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

