අද එළිපිටම එජාපය ආරක්ෂා කරන්නේ ජවිපෙයයි
- RSL
- November 24, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Anura Kumara Dissanayake, JVP, United National Party, UNP
- 0 Comments
පවතින දේශපාලන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදී නව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට තමන්ට සහාය ලබාදෙන මෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලිමක් කරයි.
ඊයේ(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ මහතා එම ඉල්ලීම සිදු කළේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ පක්ෂ සාමාජිකත්වය අතර මතභේදකාරි තත්ත්වයක් හටගෙන ඇති බව පුබුදු ජාගොඩ මහතා පෙන්වා දෙයි.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසන්නේ වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරිම සඳහා අත්පත්‍රිකා බෙදාදීමක් පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් ඊයේ පෙරවරුවේ සිදු කෙරුණි.

