ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකම වෙයි

Spread the love

අද (18) මේ මොහොතේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ “ජාතික ජන බලවේගය” රැළියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනු ලබන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාම බවට වාර්තාවේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28ක් එක්ව ජාතික ජන බලවේගය නමින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් කිරිමට නියමිතව ඇත.

එහි සූදානම පිළිබඳව සොයාබැලීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඊයේ හා අදත් ගාලු මුවදොර පිටියට පැමිණ සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ අද පැවැත්වෙන රැළිය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණීමට නියමිතව ඇති බවයි.

මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පමණ පසුවයි.

1999 වසරේදී නන්දන ගුණතිලක මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් එවර තුන්වන ස්ථානය දිනා ගත්තේය.

ඒ මහතා මේ වනවිට එක්සත් ජාතික පක්ෂ පානදුර සංවිධායකවරයා ලෙස දේශපාලනයේ නිරතව සිටියි.

RSL

Related Posts