දෙපැත්තෙන්ම අවසන් වටයේ තීරණාත්මක සාකච්ඡා

Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද(16) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්විණ.

මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවත් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ආරම්භ වී ඇති බවත් පැවසේ. මෙම කණ්ඩායමට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ යන මහත්වරුද ඇතුළත්වන බව වාර්තාවේ.

මෙම සාකච්ඡාවේ අරමුණ ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් බවද දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය හොබවයි.

RSL

Related Posts