ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනා පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි වන නමුත් ආණ්ඩුවේ සිටිමින් කතා කරන කිසිවකු පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි යැයි නුගවෙල පක්ෂ කාර්යාලයේදී පෙරේදා (05) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.
රටට සිදුව ඇති විපත්තිය පැහැදිලිව දර්ශනය වන බැවින් අමාත්‍ය ධුරය හා මෝටර් රථය පිළිබඳ සිතමින් නොසිට ආණ්ඩුවෙන් එළියට බැසීම වඩා සුදුසු යැයි කී මන්ත්‍රිවරයා මෙසේද ප්‍රකාශ කළේය.පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනය හිසේ කැක්කුමට කොට්ටය මාරු කිරීමක් වගෙයි. එකම කාඩ් කුට්ටම අනලා අනලා යළි ජනතාවට ඉදිරිපත් කිරීමක් තමයි සිදුවුණේ. ඇමැතිවරු හා ඇමැතිකම් පිළිබඳව පමණක් සියලු දෙනා කතා කළත් ජනතාවට දරාගත නොහැකි ජීවන බරක් අද දැරීමට සිදුව තිබෙනවා. බඩු මිල ඉහට උඩින් ගොස් තිබෙනවා.
බැඳුම්කර සිද්ධිය මඟින් විශාල මුදලක් වංචා කර තිබුණා. ගෑස් සමාගමක සභාපතිවරයා මැලේසියානු බැංකුවකින් රුපියල් කෝටි 3,000ක් වංචා කර තිබුණා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීන්, රජයේ සභාපතිවරු පවා අද මුදල් අල්ලස් ලබා ගන්නවා.
මේ දක්වා අප සිතා සිටියේ වංචා කරන්නේ එජාපයේ පාර්ශ්වය පමණයි කියලා. නමුත් එජාපයේ පමණක් නොව අද වන විට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද මුදල් වංචා කිරීම් දක්නට ලැබෙනවා.
රජයේ යන්ත්රසූත්ර විකිණීමට පෞද්ගලිකව මුදල් ලබා ගැනීමට කිසිදු හැකියාවක් නැහැ. මේ පිළිබඳව ඉන්දියානු ජාතිකයා පැමිණිලි කළ නිසා එය අනාවරණය වුණා. නමුත් මෙවැනි සිදුවීම් කොතරම් ප්‍රමාණයක් රහසිගතව සිදුව ඇත්දැයි සිතා ගන්න බැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ අද අපේ රටට ආයෝජකයන් පැමිණෙයිද යන්න සැක සහිතයි.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලනිපයේ හිටපු ඇමැතිවරුන් අවසන් මොහොතේ හෝ ආණ්ඩුවෙන් ඉවත්වීම වඩා හොඳයි. නමුත් ඔවුන් පසුගිය කාලයේදී ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ජනතාව තුළ ප්‍රමාදයක් නැහැ. පොහොට්ටුවට ඡන්දය දුන් අය ඔවුන් කෙරෙහි තවම පසුවන්නේ වෛරයෙන්. නමුත් අවසන් මොහොතේ හෝ ආණ්ඩුවෙන් ඉවත් වී ආණ්ඩුවට එරෙහි සටනට එළැඹීම සුදුසු යැයි මා විශ්වාස කරනවා.
පොහොට්ටුවට ඡන්දය දුන් විශාල පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ලොකු විශ්වාසයකින් ඉන්නේ. නමුත් අප ඒ පිළිබඳව එතුමා සමඟ සාකච්ඡා කරලා නැහැ. එතුමා දේශපාලනය පිළිබඳව අප සමඟ සාකච්ඡා කරන්නේ නැහැ. ඔහු වෙනත් වැඩපිළිවෙළක ඉන්නේ. නමුත් ඉල්ලීමක් ලැබුණොත් ඉන්න සූදානම් කියන කාරණය ඔහු වරෙක ප්‍රකාශ කර තිබුණා.