හිටපු පොල් ඇමති බිරිඳට ඉඩම් අක්කර 45ක් දීලා!
- RSL
- January 1, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
මහින්ද රාජපක්ෂ රජයේ පොල් ඇමතිවරයා වූ හිටපු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරට දූෂණ චෝදනා යටතේ නුදුරේ දී ම නඩු පැවරෙන බව බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග සනාථ කරයි.
පොල් සංවර්ධන ආයතනය යටතේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සේනපුර කොට්ඨාසයේ ඇති අක්කර 45ක ඉඩමක් වංචනිකව තම බිරිඳගේ නමට ලබා දීම සහ එහි පොල් වගා කර දීම ඔහුට විරුද්ධව ඇති ප්‍රධාන චෝදනාව බව පැවසෙයි. විමර්ශන තුළින් මතු කරගත් සාක්ෂි ගොනුව ඉතා ඉක්මනින් නීතිපතිවරයා වෙත බාරදෙනු ඇති බවත් අනතුරුව නඩු පවරනු ඇති බවත් එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.