IOC ඉන්ධන මිල ගණන් ඉහළට
- Editor
- February 6, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 184කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 124ක් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.

