සෞඛ්‍ය සේවකයන් හෙට වර්ජනයක

Spread the love

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් හෙට (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවත් හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වන බව එම සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම, විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහළ දැමීම, ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, සියලු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය” ස්ථාපිත කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට උද්ගතවී ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද වීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයන් එම දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරිමට තීරණය කර තිබේ.

නමුත් වැඩවර්ජනය සිදුකරන කාලය තුළ පිළිකා, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කරන රෝහලේ, මධ්‍යම ලේ බැංකුව ආදී සෞඛ්‍ය ආයතන තුළ වැඩවර්ජනය සිදුනොවන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා මෙසේ පැවසුවේය “එම ඉල්ලීම්වලට පිළිතුරක් දෙන්නේ නැත්නම්, ඒ තාක් මේ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ආණ්ඩුව අවධාරණය කරගත යුතුයි. ආණ්ඩුව හෙට විසඳුමක් දුන්නොත් හෙට නතර කරන්න පුළුවන්. දෙන්නේ කවද්ද එදාට අපිට තීරණයක් ගන්න පුළුවන්.”

Related Posts